Pages

Sunday, September 16, 2012

climate zone & Agro ecological zones in Sri Lanka

Climate zone & Agro ecological zones in Sri Lanka


AGRICULTURE-A/L,O/L



කෘෂි දේශගුණික කලාප
      ස්වභාවික භෙ!තික ලක්ෂණ වන දේශගුණය පස භූවිෂමතාවය සමග භූමි භාවිතයේ විවිධත්වය එකිනෙකට සුසංයෝජනය වු විට ඇතිවන සමාකාර පරිසර ලක්ෂණවලින් යුත් ප්‍රදේශයක් කෘෂි පාරිසරික කලාපයක් ලෙස හැඳින්වෙයි. එලෙස එක් එක් කෘෂි පාරිසරික කලාපයක් තුල භෝග වගාවට බලපාන පාරිසරික සාධක සමාකාර වන බැවින් එම මුලු කලාපයටම වලංගු වන පරිදි භෝග නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි වේ. එසේම එම පාරිසරික කලාපය තිරසාර සංවර්ධනයක් උදෙසා කලමණාකරණය කිරීමට අනුගමනය කල යුතු ක්‍රමෝපායන්ද මුලු කලාපයම ආවරණය වන පරිදි නිර්දේශ කල හැක.
 
      රටක කෘෂි පාරිසරික සීමාවන් සදාකාලික හෝ ස්ථිරයැයි සැලකිය නොහැක. ඒවා කලින් කලට වෙනස්විය යුතුය. එවේ වන්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් (උදා. දේශගුණ විපර්යාස) මායිම් නිර්ණය කිරීමේ ක්‍රමවේදයන් දියුණු වීම වැඩියෙන් දත්ත එකතු වීම සහ එම දත්ත විශ්ලේෂණය කිරීමේ නව මං පෙත් සොයා ගැනීම ආදිය වේ. එසේම නූතන පරිගණක තාක්ෂණයේ දියුණුවද විශේෂයෙන්ම භුගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණයේ උසස් දත්ත විශ්ලේශණ පහසුකම් ඇතිවීමද හේතු වේ.


     ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි පාරිසරික කලාප සිතියම 1975 දී පානබොක්කේ සහ කන්නන්ගර විසින් ඉදිරිපත් කරන ලදි. එහි කෘෂි පාරිසරික කලාප 24 ක් හඳුනා ගන්නා ලදි. එයින් තෙත් කලාපය තුල කෘෂි පාරිසරික කලාප 10 ක්ද වියලි කලාපය තුල කෘෂි පාරිසරික කලාප 9 ක්ද අතරමැදි කලාපය තුල කෘෂි පාරිසරික කලාප 5 ක්ද පිහිටා තිබුණි. එම සිතියම 2003 දී නැවත සංස්කරණය කරන ලදි. එහිදී තෙත් කලාපය තුල උප කලාප 15 ක්ද වියලි කලාපය තුල උප කලාප 11 ක්ද අතරමැදි කලාපය තුල උප කලාප 20 ක්ද හඳුනාගෙන ඇත.
  
                                      වියලි කලාපය

  • DL1a කෘෂි - පාරිසරික කලාපය
  • DL1b කෘෂි - පාරිසරික කලාපය
  • DL1c කෘෂි - පාරිසරික කලාපය
  • DL1d කෘෂි - පාරිසරික කලාපය
  • DL1e කෘෂි - පාරිසරික කලාපය
  • DL1f කෘෂි - පාරිසරික කලාපය
  • DL2a කෘෂි - පාරිසරික කලාපය
  • DL2b කෘෂි - පාරිසරික කලාපය
  • DL3 කෘෂි - පාරිසරික කලාපය
  • DL4 කෘෂි - පාරිසරික කලාපය
  • DL5 කෘෂි - පාරිසරික කලාපය

                                     අතරමැදි කලාපය
  • IL1a කෘෂි- පාරිසරික කලාපය
  • IL1b කෘෂි- පාරිසරික කලාපය
  • IL1c කෘෂි- පාරිසරික කලාපය
  • IL2 කෘෂි- පාරිසරික කලාපය
  • IL3 කෘෂි- පාරිසරික කලාපය
  • IM1a කෘෂි- පාරිසරික කලාපය
  • IM1b කෘෂි- පාරිසරික කලාපය
  • IM1c කෘෂි- පාරිසරික කලාපය
  • IM2a කෘෂි- පාරිසරික කලාපය
  • IM2b කෘෂි- පාරිසරික කලාපය
  • IM3a කෘෂි- පාරිසරික කලාපය
  • IM3b කෘෂි- පාරිසරික කලාපය
  • IM3c කෘෂි- පාරිසරික කලාපය
  • IU1 කෘෂි- පාරිසරික කලාපය
  • IU2 කෘෂි- පාරිසරික කලාපය
  • IU3a කෘෂි- පාරිසරික කලාපය
  • IU3bකෘෂි- පාරිසරික කලාපය
  • IU3c කෘෂි- පාරිසරික කලාපය
  • IU3d කෘෂි- පාරිසරික කලාපය
  • IU3e කෘෂි- පාරිසරික කලාපය
                                        තෙත් කලාපය
  • WL1a කෘෂි- පාරිසරික කලාපය
  • WL1b කෘෂි- පාරිසරික කලාපය
  • WL2a කෘෂි- පාරිසරික කලාපය
  • WL2b කෘෂි- පාරිසරික කලාපය
  • WL3 කෘෂි- පාරිසරික කලාපය
  • WM1a කෘෂි- පාරිසරික කලාපය
  • WM1b කෘෂි- පාරිසරික කලාපය
  • WM2a කෘෂි- පාරිසරික කලාපය
  • WM2b කෘෂි- පාරිසරික කලාපය
  • WM3a කෘෂි- පාරිසරික කලාපය
  • WM3b කෘෂි- පාරිසරික කලාපය
  • WU1 කෘෂි- පාරිසරික කලාපය
  • WU2a කෘෂි- පාරිසරික කලාපය
  • WU2b කෘෂි- පාරිසරික කලාපය
  • WU3 කෘෂි- පාරිසරික කලාපය