Pages

Wednesday, September 19, 2012

AGRICULTURE O/L,A/L



කෘෂි කාලගුණික මධ්‍යස්ථානය පිහිටුවීම සැලකිය යුතු කරුණු
 
  • මේ සඳහා අවම වශයෙන් 10m x 10m පමණ තැනිතලා භූමියක් තෝරා ගත යුතුය  .
  • එම භූමිය තුළ තෘණ වගා කර වරින් වර එය කප්පාදු කරමින් නිතරම හොඳ මට්මකින් පවත්වා ගත යුතුය.
  • සලකා බලන ප්‍රදේශයේ සාමාන්‍ය කාලගුණික තත්වයන් ඒ අයුරින්ම නියෝජනය වන ස්ථානයක් විය යුතුය. එම තත්ත්වයන් වෙනස්ව ප්‍රතිරූපනය කිරීමට හේතු වන දෑ පරිසරයේ නොතිබිය යුතුය.
  • මෙම කාලගුණ විද්‍යා ඒකකය ගොඩනැගිලිවල හෝ ගස් වල සිට එම ව්‍යුහයේ උස මෙන් දෙගුණයක දුරක් ඈතින් පිහිටවිය යුතුය.
  • ස්වභාවික උපද්‍රව වලින් තොර ස්ථානයක් විය යුතුය.
  • විශාල ජලාශ හෝ වාරි ක්‍රමවලට ආසන්න නොවිය යුතුය.
  • ඒ වටා ආරක්‍ෂිත වැටක් ‍හා‍ ගේට්ටුවක් පැවතිය යුතුය 

උපකරණ සංස්ථාපනය කරන ආකාරය


1 වර්ෂාමානය (Rain Gage)

පෙ‍dලොව මට්ටමේ සිට වර්ෂාමානයේ මතුපිටට 30 cm උසින් සිටින සේ වර්ෂාමනය කොන්ක්‍රීට් හෝ සිමෙන්ති වේදිකාවක් මත සවි කරනු ලැබේ 




2 වාෂ්පීකරණ තැටිය (Transpiration dish)



  • මෙය වර්ෂාමානයට හැකි තරම් ඈත්වන සේ කාලගුණ විද්‍යා taකකයේ මුල්ලකට වන්නට සවි කරන්න.

  • පොලව සමඟ ගැටීම අවම කිරීමටත් තැටීය ව‍ටා මනාව වාතය සංසරණය වීමටත් හැකි වන පරිදි සැකසීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා‍ ලී පටි වලින් තැනු ආධාරකයක පොලවේ සිට සෙමී. 15 ක උසකින් රැඳවිය යුතුය.

  • කුරුල්ලන්ගෙන් හානි වැලැක්වීමට දැලකින් ආවරණය කර තැබිය යුතුය.
    වර්ෂාමානයේ සිට මී. 5ක් ඈතින් ද වැටේ සිට මී 1.5 ක් ඇතුලතින් ද සවි කළ යුතුයි 


3 අනිලමානය(Animometer)

කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා මී. 2 පමණ ඉහලින් ආධාරකයක් මත සවිකිරීම සෑහේ 


පරිසරයේ සුලං බාධක ලෙස ක්‍රියා කරන දේ නොතිබිය යුතුය 








4 උ‍ෂ්ණත්ව‍ මානය සහ ආර්ද්‍රතාමාන 
  (Thermometer and Psychrometer)


මෙම උපකරණ නිදැල්ලේ තැබීම සුදුසු නැත.  ඒ සඳහා විශේෂිත වු ස්ටීවන් ආවරණය තුළ රඳවා තැබීම  jeo.;ah

ස්ටීවන් ආවරණය ලී වලින් සකස් කර ගත යුතුයි. සෙ.මී 5 පමණ ලී පතුරු වලින් සාදා ගත් ලුවර් මඟින් ආවරණයේ බිත්ති සාදා ගත යුතුයි.


ලුවර් තුලින් වාතය සංසරණය වන නමුත් වර්ෂාවකදී ජලය පැමිණීම වලක්වයි. වහලය නෙතෙමෙන ලෙස ලෑලි වලින් සාදා ගත යුතුයි මුලු කුටීරයේ ම ඇතුලත හා පිටතට සුදු තීන්ත ආලේප කළ යුතුය මුහුනත ඇරීමට හා වැසීමට පහසු වන සේ දොරක් ලෙස ‍සාදා ගත යුතු වේ.

මේ තුල වු උපකරණ සවි කරන ලී පැනලයට උෂ්නත්වමාන හා ආර්ද්‍රතාමාන සවි කර ඒ තුල තැම්පත් කල යුතුය.

මේ තුල වු උපකරණ සවි කරන ලී පැනලයට උෂ්නත්වමාන හා ආර්ද්‍රතාමාන සවි කර ඒ තුල තැම්පත් කල යුතුය 




5 සූර්ය දිප්ත මානය (Sunshine Recorder)
 
 

මෙය මී. 1.5 ක් පමණ උස කුලුනක් මත          30cm x 30cm පමණ වේදිකාවක් සාදා ඒ මත තැන්පත් කරනු ලැබේ.

6 පාංශු උෂ්ණත්ව මාන (Soil Thermometer)
 
මේවායේ දිග බල්බය පස තුලට ඇතුලත් වන සේ 5cm, 10cm, 20cm, 30cm ගැඹුරින් උෂ්ණත්වමාන කීපයක් පොලොව මත සවිකරනු ලැබේ
ඇවිදයාමේදී නොපෑගෙන ආරක්‍ෂිත ආවරණයl ඒවා සවිකල යුතුය.