Pages

Monday, September 17, 2012

Agriculture for O/L.A/L

කෘෂිකර්ම fomdර්තමේන්තුවේ කාලගුණ ඒකක

          ශ්‍රි ලංකාවේ කෘෂි පාරිසරික කලාපවල කාලගුණ ‍‍තොරතුරු සහ දත්ත එක් රැස් කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පේරාදෙණියේ පිහිටි ස්වභාවික සම්පත් කලමණාකරණ මධ්‍යස්ථාන‍fය් කාලගුණ විද්‍යා ඒකකය මගින් පාලනය වන ඒකක පිහිටා ඇත. මෙම ඒකකවල දත්ත දෛනිකව එක් රැස් කර ස්වභාවික සම්පත් කලමණාකරණ මධ්‍යස්ථානයේ පිහිටි කාලගුණ විද්‍යා ඒකකය වෙත එවනු ලැබේ. මෙම ඒකක සියලුම කෘෂි දේශගුණික කලාප නියෝජනය වන ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇත. මෙම ඒකකවල ඇති සියලුම කෘෂි දේශගුණික දත්ත එක් රැස් කිරීමේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් සහ උපකරණ යනාදිය ඉහත කාලගුණ විද්‍යා ඒකකය මගින් සපයනු ලැබේ.

         කිසියම් ප්‍රදේශයක දේශගුණික තත්ත්වයන් විචලනය වීමේ රිද්මය කෘෂිකර්මය සඳහා ඉතා වැදගත්ය. වර්ෂාපතන ව්‍යාප්තිය, උෂ්ණත්වය, සාපේක්‍ෂ ආර්ද්‍රතාවය, සුළඟ, ආලෝකය වැනි දේශගුණික සාධකයන්ගේ විචලන ස්වභාවය දැන සිටීම භෝග වගාවේ දී ඉතාමත් වැදගත්කමක් ගනී.

         යම්කිසි ප්‍රදේශයක යතෝක්ථ දේශගුණික තත්ත්වයන් පිළිබඳ නිගමනයකට එළඹීමට නම්, එම ප්‍රදේශය පිළිබඳව යටත් පිරිසයෙන් අවු: 30 ක් පමණ වත් අඛණ්ඩව ලබාගත් කාලගුණික තත්වයන් අධ්‍යයනයට ලක් කල යුතුය.

       එබැවින් එම විවිධ කාලගුණික පරාමිතීන් (Parameters) දිනපතා ලබාගැනීමට ගොවිපලක ඒ සඳහා අවශ්‍ය උපකරණ සවිකල වෙන්කරන ලද ස්ථානයක් තිබිය යුතුය. එය කෘෂිකාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ.

කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක පහත සඳහන් උපකරණ පිහිටවනු ලබන අතර විවිධ පරාමිතීන්ලබාගනී.
උපකරණ
ලබාගන්නා පරාමිතීන්
1. වර්ෂාමානය
වර්ෂාපතනය
2. වාෂ්පීකරණ තැටිය
වාෂ්පීකරණය
3. අනිල මානය
සුළගේ වේගය
4. සුර්ය දීප්තිමානය
දිවා දිග
5. උපරිම අවම උෂ්ණත්වය මානය
දෛනික උෂ්ණත්ව විචලනය
6. ආර්ද්‍රතාමානය
සාපේක්‍ෂ ආර්ද්‍රතාවය
7. පාංශු උෂ්ණත්වමාන
පාංශු උෂ්ණත්වය
8. සුර්ය විකිරණ සටහන් උපකරණය
සුර්යාලෝක තීව්‍රතාවය